08.පරිච්ඡේදය.
සවස දළදා තේවාවේ හඩත් සමගම ඔව්හු මාලිගාවෙන් සමුගෙන වැව වටේට ගොස් පසුව තම තමන්ගේම නේවාසිකාගාර බලා පිටත්ව ගියේය.
කාලය සෙමෙන් ගෙවී ගිය අතර නිවාඩු කාලයේ උපුලී සිරිල්ගෙන් සමුගෙන ගම්රට බලාගිය අතර සිරිල් පාඩම් වැඩවල නිරතවෙමින් නේවාසිකාගාරය තුල ම කාලය ගතකරන්නට විය.නව පත්වීම් ලබා පැමිණි අංශාධිපති ලෙස කටයුතු කරන ජයනෙත්ති ඉද්දමල්ගොඩ මැතිණියගේ අවධානය සිරිල් කෙරෙහි යොමුවිය.ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට පොත පත සපයා දීම ආදී කටයුතුවලට අමතරව මහාචාර්ය වරිය සමග ඇගේ කුන්ඩසාලයෙහි දෙමහලකින් යුත් ඇගේ නිවස ... more08.පරිච්ඡේදය.
සවස දළදා තේවාවේ හඩත් සමගම ඔව්හු මාලිගාවෙන් සමුගෙන වැව වටේට ගොස් පසුව තම තමන්ගේම නේවාසිකාගාර බලා පිටත්ව ගියේය.
කාලය සෙමෙන් ගෙවී ගිය අතර නිවාඩු කාලයේ උපුලී සිරිල්ගෙන් සමුගෙන ගම්රට බලාගිය අතර සිරිල් පාඩම් වැඩවල නිරතවෙමින් නේවාසිකාගාරය තුල ම කාලය ගතකරන්නට විය.නව පත්වීම් ලබා පැමිණි අංශාධිපති ලෙස කටයුතු කරන ජයනෙත්ති ඉද්දමල්ගොඩ මැතිණියගේ අවධානය සිරිල් කෙරෙහි යොමුවිය.ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට පොත පත සපයා දීම ආදී කටයුතුවලට අමතරව මහාචාර්ය වරිය සමග ඇගේ කුන්ඩසාලයෙහි දෙමහලකින් යුත් ඇගේ නිවස කරා ඔහු සමග යන ගමනේදී රිය පැදවීමේ කටයුතු සිරිල්ට භාර කෙරිණ.
"සිරිල් හොස්ටල් ඉන්න එකේ අපේ ගෙදර නැවතුනානම් නරකද?.
"ටිකක් කල්පනා කර බලන්න ඕනැ."
"මොනවා කල්පනා කරන්නද සිරිල්ට කැමති කාලයක් ඉන්න පුළුවන් මමයි දුවයි විතරයි ඉන්නෙ.මහත්තය මහියංගනය ප්ලාන්ට් එකක වැඩ කරන්නෙ.මාසෙකට විතර එන්නෙ."
"මැඩම් ට කරදරයක් වෙයිද දන්නෙ නෑ."
"මොන කරදරයක්?"දුවයි,මමයි විතරයි ඉන්නේ
අපිට හරි පාලුයි දූ දැක්කාම සතුටූ වෙයි. ඔන්න කථාවෙන් ගෙදරටත් ආව පරිස්සමට ඉස්සරහින් නවත්තන්න."
"දු මෙන්න ඔයාට අයියෙක් එක්ක ආව මෙහාට එන්න හරි ලැජ්ජ කාරි තාත්තගේ බෝල.කැටේ.
09.පරිච්ඡේදය
මැඩම් සමග රථය ඉදිරියට ඇදෙන්නට විය.
"මේ දරුවට කදු පාරවල් වල වාහන එලවල පුරුදුයි වගේ පේනව".
"අපෝ මැඩම් මට කුඩා කාලෙම මුදලිතුමාගෙ වාහනයෙන් ආරියවංශ අන්කල් ට කියල ඩ්‍රයිවින් පුරුදු වුනේ බර වාහන ලැයිසන් මට තියෙනව ඒ ගැන බයවෙන්න එපා."
මේ දරුවො මට මැඩම්,මැඩම් කියන්න එපා එහෙම නැත්නම් ආන්ටි කියන්න මටත් ඔය. දරුවාට වගේම අතීතයක් උරුම වෙලා තිබුණ. මහත්තයයි මමයි කැම්පස් අවුට් වෙනකොට අතයි පයයි අරන් පාරට බැහැල ඇවිත් එයා අවුරුදු දහයක් මහියංගනය අවට දුෂ්කර ප්‍රදේශවල සේවයක් තමා කරන්නෙ.අනික ඔය ළමයගෙ තාත්තගෙ මලගෙදර ගිය දවසෙ තමා මං තීරණය කළේ ඔයාට උදව් කරන්න ඕනැ කියල. අපිටත් ඒ දවස්වල ටීචර්ලා උදව් කරල තියෙනව. මට කියලා.එකයි ඉන්නේ පුතෙක් හදන්න ඕනෑකම තිබුණත් මහත්තයගෙ දුෂ්කර සේවය නිසා ඒකට ඉඩ ලැබුණෙ නෑ."
"ඉතිං ඇන්ටි ට ලව් එපයාර් එකක් කැම්පස් එකේ තිබුණෙ නැද්ද "?
"මට මහත්තය පණ ඇරලා ආදරෙයි.එහෙව් එකේ ඔය කෝලං නටන්න කෝ ඒකට වෙලාවක්.අනික මට දූගෙන් තොර ලෝකයක් නෑ. ඔන්න කථාවෙන් කථාවෙන් ගේ ලගටම ආව දකුණුපස තට්ටු දෙකේ සුදු තීන්ත ගාපු ගේ.ඉස්සරහට දාල ගැරෙජ් එකෙන්ම නතර කරන්න. "
"අම්මා මට චොකලට් ගෙනාව ද "?
"අද මේ අයිය හම්බවුන හින්ද අමතක වුනා."
"ආ මේන් ඔයාට අම්මා ගෙදර යං කිව්වම දුවක් ඉන්න බව දැනගෙන කැන්ටිමෙන් අරන් බෑග් එකට දාගත්ත. "
"අනේ මගෙ සුදු අයියා මං ඔයාට ගොඩාක්ම ආදරෙයි."
"ආ ඒව ඔට්ටු නෑ මට ලස්සන අක්කෙක් ඉන්නවා vcasan එකට ගමේ ගිහින් "
"කථාව ඇති ඔය ළමයාට ඩ්‍රයිවින් කරලා මහන්සි ඇති. උඩ තට්ටුවේ කෙළවර කාමරය පෙන්නන්න.
"යන් මහත්තය උඩ කාමරයට අද දෙන්නම්කො හොද රැග් එකක් ගෙදරට ගෙනාව වාසනාවට පයින් ගහන්න තරම් මං මෝඩ නෑ".
"දෝණී ඔය ළමයා අවසාන අවුරුද්ද වෙනකම්ම මෙහෙ නවතින්න ආවේ ඔයාගෙ විකාර වැඩ හින්ද හෙටම යයිද දන්නෑ බෝඩිමට "?
"ඒවා කොහෙද මාත් එක්ක ඒව සුම්මා "විශාකාවේ අවුරුදු දෙකක් පොල් ගෑවෙ නෑ."
"යකෝ පොඩි බේබි ගිහිල්ල තියෙන උඩ මම ඇගේ නහය තදින්ම මිරිකුවෙමි.
"ඌයි කොටියෙක් ද මන්ද ".
"මෙන්න තමුසෙගේ නල්ලමලේ කාමරය ඕන මගුලක් කරගන්නවා මං යනව යන්න. "
"ආ මේ මොකද එකපාරටම මැණිකට ඩෝං ගිහිල්ල ඒවා කොහෙද මේ වන්නි බයියත් එක්ක මෙන්න මෙතනින් ඉඳගන්න ".
සිරිල් නිශාන්ති තමා අසල ඇදෙන් වාඩිකරගෙන පහත් වී ඇගේ නාදලු වන් දෙතොල් සිප ගත්හ.
"නිකන් ඉන්න අනේ පුදුම විසයක්නේ තියෙන්නෙ චිහ් විතරක් දහඩිය ගදේ බෑ යනවා යනවා අර තියෙන්නෙ වොෂ්රූම් එක නාගන්නවා කොහෙද ඉතිං වන්නියේ වේලි වේලි ඉදලා දැන් රගනවා නිකන් සුද්ද වගේ
ආ මෙන්න තුවාය, සරම,කමිසය".
"මේවා කොහෙන්ද අනේ"?
"මගේ මහත්තයාට මං ගෙනල්ල තිබුණෙ කථාව ඇති යනවා යනවා".
"ඈ මං තල්ලුකරගෙන වොෂ්රූම් දෙසට ගෙන ගියාය.
"දොර වසා ශවරය යට සිට ගත් මා ගත සිත විඩාව සංසිදවමින් ජල බිදු හිස සිට දෙපතුල දක්වා පහතට.ගලා ගියහ.
මතු සම්බන්ධයි.
10.පරිච්ඡේදය.
"ආව් ඔය එන්නෙ නාල සුදුවෙලා මගෙ සිහින කුමාරය කමෝන්, කමෝන් ආව් අම්මා හා මෙතෙන්ට සැපත් වුනානම්".
"මේ නංගි ප්ලීස් මේක චුට්ටක් අහන්න. ඔයා මිස් නිශාන්ති ඉද්දමල්ගොඩ මැඩම් ජයනෙත්ති ඉද්දමල්ගොඩගේ එකම දූ සිගිත්ත. ඔබතුමියට මොනව හරි අතවරයක් වුනානම් බාලවයස්කාර දණ්ඩ නීතීය යටතේ මට වෙන්නෙ මහඋලුගෙදර තපින්න .ඒ විතරක්ද ඔබගෙ පියතුමානො ලෙස්ලි ඉද්දමල්ගොඩ විධායක ඉංජිනේරු තුමා මාව බල්ලෙක් වගේ වෙඩිතියලා මරලා දායි.ඒ විතරක්ද ඔබතුමියගෙ මව්තුමිය මාව මෙතෙන්ට ගෙනාවෙ ලොකු බලාපොරොත්තුවක් ඇතුව අනික් කරුණ මගෙ මැරුණ දුප්පත් තාත්තාගෙ ගෞරවය රකින්න ඕනෑ.ඒ විතරක්ද අම්මගෙ,නංගිගෙ,මල්ලිගෙ යුතුකම් ඉටුකරන්න ඕනෑ.ලොකුම අරමුණ තමා මගේ ඉංජිනේරු අධ්‍යාපන කටයුතුවල ප්‍රායෝගික කොටස් ඔයාගේ තාත්තගෙන් අහගන්න ඕනැ.මේ සේරටමත් වැඩිය ලොකුම කාරණය තමා මං කුඩා කාලෙ ඉඳල පණ වගේ ආදරය කරන මගෙ උපුලී සමරදිවාකරට තුන්හිතකින්වත් අහිතක් හිතන්න බෑ.බුදුන්ට ,අම්මට, තාත්තට වදින අත්දෙක එක්කර වැදලා කියන්නම් ඔයා මගේම නංගි.ඔයාගෙ අම්මාගේ,තාත්තගෙ එකම පුතා එහෙම හිතලා මාත් එක්ක ඉන්න බැරිනම් මේන් දැන්ම මැඩම්ට කියල මං ගියා."
"හා හා පුතා ඔයා කොහෙවත් යන්නේ නෑ ඔයා කියපු දේවල් මම ඔක්කොම අහගෙන හිටියෙ මගෙ පිනට ලැබුණ පුත්‍ර රත්නයක් ඔයා මුලු ජීවිත කාලෙම අපිත් එක්ක ඉන්න ඕනැ පුතාගේ අම්මා මං කියලා හිතාගන්න මේ ඉන්නෙ ඔයාගෙ නංගි කියලා හිතන්න. "
"මට සමාවන්න අ ම් මේ...."
"අයියෙ මට සමාවන්න "
"හා හා දැන් දෙන්නම යන් කෑම කන්න "
කාලය සෙමෙන් ගෙවුනි. සිරිල්ට තමාගේම තැනක් බවට නව නවාතැන පරිවර්තනය විය නිවාඩු කාලය ඔහු පාඩම් කටයුතුවල නිරත විය. සති අන්තයේ නිවසට පැමිණි ලෙස්ලි මහතාටද සිරිල්ගෙ චාම් ගතිපැවතුම් පිළිබඳව සිත්ගත්තේය. ඔහු වඩාත්ම පැහැදුණ කරුණ වූයේ සිය දියණියට පත පොත පාඩම් කියාදෙමින් සොයුරකු ලෙස කටයුතු කිරීමයි.තමා නොමැති නිවසට ආරක්ෂාවක්ද සිරිල්ගෙන් සැලසිනි.මෙ සියල්ල ඔහුගේ නොමද ප්‍රසාදය ලැබීමට හේතුවිය.
මතුසම්බන්ධයි.
11.පරිච්ඡේදය.
පාසැල් අධ්‍යන වාරය ආරම්භ විය
මෙහි ගහ ,කොල,වැල්,මලින් බරවිය නිශාන්ති සිය පියා ද සමග කොළබ බලා පිටත්විය.ඔහු සිය දියණිය බාලිකාවේ නේවාසිකාගාරයෙහි නවතා ඔහු මහියංගනය බලා පිටත්විය.
ගම්රට බලා පිටත්වූ සිසුහු පිරිස් නව අධ්‍යන වාරය ආරම්භයත් සමගම කැම්පස් භූමිය කරා
ඇදී එන්නට විය .උපුලි ද සිරිල් දැකගැනීමේ අපේක්ෂාවෙන් පේරාදෙණියට ඇදීආවාය.
"ආ කොහොමද සිරිල් ඔයා බලන්න ඕන නිසා කලින්ම කැම්පස් ආව".
"ඔයා නිවාඩු කාලය සතුටින්
ගත කලාද උපුලී"?
"හෙට හන්තානෙ යමුද
"මටත් ඔයත් එක්ක ගොඩාක්ම දේවල් කථා කරන්න තියෙනවා"
මතුසබන්ධයි
12.පරිච්ඡේදය
මා සමග උපුලි ද එ නාදුනන පිරිස් ද සමග හන්තානයට යාමට අප හා එක්වන්නට විය. වල ප්‍රදේශයේදී අප හුදකලා විය
"මේ ඒක නෙමේ සිරිල් හරිම මහන්සියි මේ හරියෙ ටිකක් ඉදල ගිමන් හැරල යමුද?"
"හා එහෙනම් අර ගලප්පත්ති වාඩිවෙන්නකො"
"ඔයත් එන්න අනේ ලගට"
"ඇයගේ මෘදුපහසින් ගත සනසාලීය. පක්ෂීණ්ගේ ගීතවත් රාවය.හන්තාන කඳුවැටිය සිසාර දෝංකාර දෙන්නට විය.
"සිරිල් මට ගෙදරින් හරිම කරදරය."
"ඒ මොකද මෙයා"සිරිශාන්ත බදින්න කියල "
"තාත්ත මොකද කියන්නෙ"?
"මොකුත්ම කියන්නෙ නෑ ".
"එහෙම නම් වෙන කවුද "?
"ඇයි නැන්ද සිරිශාන්තගෙ අම්මා දේපල පිට යනවලු ඇවස්ස කසාදය වටිනවලු"
"ඔයා මොකද කියන්නේ කැමතිද "?
"පිස්සුද පිස්සා තමුසෙට ඔල්මාදෙද කොහෙවත් යන බේබද්දෙක් බදින්න නම් මෙච්චර පණ ඇරලා මේ පිස්සාට ආදරේ කරන්න ඕනැද "?
"තමුසෙට විකාර ද?දොස්තර නෝනෙක් එහෙම ආවට ගියාට පිස්සියක් වගේ බදින්න පුලුවන්ද?මාල හතක් දාල ගමටම මගුල් කියල ගමේ ලොක්කගෙ එකම දූ සිගිත්ත. ඔයාට මතකද අපි දෙන්න නරිබෑනා නාට්‍ය රගපෑව හැටි.ළමයි නරිය නරිය කියල විහිලු කල හැටි.
"මේ විකාර දොඩවල වැඩක් නෑ මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕනැ"
"කාලයට ඉඩ දෙන්න විසදුම ලැබෙයි"
"යන් තව ටිකක් ඉස්සරහට "
"අර බලන්න මුව රංචුවක් අනේ අර චූටි පැටියා උගෙ අම්මාගෙන් කිරි බොනව මට ඒක අල්ලල දෙනවද "?
"මගෙ පිස්සු කෙල්ල අපි ලගට යනකොට උන් දුවනව අපි ආපහු යමු රෑ වෙන්න ළගයි අර බලන්න රතු පාටට ඉර තම සේවය අවසන් කර බටහිර අහසෙහි බැසයන අපූරුව. අපට අලුත් දවසක්.උදාකර දී.අපේ ජීවිතයත් හරියට ඉර වගේ
"පුතා කොහෙද ඉන්නෙ?ගෙදර යන්න එන්නෙ නැද්ද?"
"මට මැඩම් පැය භාගයක් දෙන්න මම ඉක්මනට ඔතෙන්ට එනවා "
"කව්ද සිරිල් ඒ?"
"ඒ අපේ ඉංජිනේරු අංශයේ අංශාධිපති ජයනෙත්ති ඉද්දමල්ගොඩ මැඩම් මම දැන් එයාලගෙ ගෙදර ඉදල එන්නෙ"
"කොහෙ හිටියත් කමක් නෑ මාව අමතක කරන්න එපා"?
මතු සම්බන්ධයි.