"අහිමි පෙමක්"
උස්ගල ඈතට දිස්වනුයේ මහ විශාල පර්වත රාජයකු විලසිනි.බැස යන හිරු රශ්මිය අවට සිසාරා පැතිර පවතී.ගමේ ප්‍රධානි ඩේවිඩ් සමරදිවාකර මහ මුදලිතුමාගේ එකම දියණිය උපුලී සමරදිවාකර ඇයගේ මව ඈ කුඩා කලම මිය පරලොව ගියාය.දියණියට විපතක් වෙතැයි සිතා මුදලිතුමා වෙනත් විවාහය කර නොගෙන හුදකලාව ජීවිතය රැගෙන ගියහ.සිය නැගණිය සෙවනේ හැදී වැඩී උපුලිට උරුමකම් කීමට රසාදරී සමරනායකගේ ලොකු පුතා වන සිරිමාන්න විජේසූරිය උත්සාහ ගත්හ. එහෙත් උපුලී තමන්ට වඩා දශ වසරකින් සිය මස්සිනාට කිසිදු මනාප බවක් පල නොකළාය. මෙයට උරණ වූ සාමා... more"අහිමි පෙමක්"
උස්ගල ඈතට දිස්වනුයේ මහ විශාල පර්වත රාජයකු විලසිනි.බැස යන හිරු රශ්මිය අවට සිසාරා පැතිර පවතී.ගමේ ප්‍රධානි ඩේවිඩ් සමරදිවාකර මහ මුදලිතුමාගේ එකම දියණිය උපුලී සමරදිවාකර ඇයගේ මව ඈ කුඩා කලම මිය පරලොව ගියාය.දියණියට විපතක් වෙතැයි සිතා මුදලිතුමා වෙනත් විවාහය කර නොගෙන හුදකලාව ජීවිතය රැගෙන ගියහ.සිය නැගණිය සෙවනේ හැදී වැඩී උපුලිට උරුමකම් කීමට රසාදරී සමරනායකගේ ලොකු පුතා වන සිරිමාන්න විජේසූරිය උත්සාහ ගත්හ. එහෙත් උපුලී තමන්ට වඩා දශ වසරකින් සිය මස්සිනාට කිසිදු මනාප බවක් පල නොකළාය. මෙයට උරණ වූ සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර පොලිස් සේවයට බැදී අනුරාධපුරය බලා පිටත්ව ගියේය.
උපුලී කුඩා කල එකට හැදී වැඩී එකට පාසැල් ගිය ගමේ දිළිදු මුදියන්සේගෙ එකම පුතාවන සිරිල් අමරසේකර සමග මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට සමත්විය.
උස්ගල සියඹලන්ගමුව තිස්ස විදුහලේ ඉගෙනුම් කටයුතු සිදුකළ මොවුන් දෙදෙනා අද දින උසස් අධ්‍යාපන කටයුතු නිමාකර උපුලී වෙෙද්‍ය අංශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත්විය.
සිරිල් ඉංජිනේරු අංශයෙන් එම විශ්වවිද්‍යාලය තේරී පත්විය. මෙම සතුට සැමරීම සදහා ඔවුන් දෙදෙනාම උස්ගල තරණය කිරීමට තීරණය කර ගෙන ඇත.
"බලන්න සිරි මං අපේ පංතියේ ඉනෝකාට මාත් එක්ක තනියට එන්න කියල කොහෙද මගෑරියනේ එන්න බෑ කිව්ව නම් මට දුක නෑ."
"ගනන් ගන්න එපා සුදූ අපි දෙන්නට එකට තමා අවුරුදු 04 ඉන්න වෙන්නෙ එහෙම එකේ මේක මොකක්ද"?
"මගෙ පිස්සු පූසා මට විශ්වාසනෙ ඒකනෙ මේ තනියම ආවෙ."
"තාත්ත බනින්නෙ නැද්ද "?
"අපෝ නෑ තාත්තට මාව විශ්වාසයි"
"ඒක නෙමේ සිරී කැම්පස් ගියාම ඔයාට මාව අමතක වෙයිද දන්නෑ".
"පිස්සුද සුදූ මුලු සසරම මතු ජාති ජාතීන් ඔයා හැර වෙන කෙනෙක් පතන්නෙ නෑ."
"මගේම රත්තරං මට ඔයාගෙන් තොර ලෝකයක් නෑ."
"ඈ වැරෙන් මා ගෙල බදා සිප ගත්තාය. "
"ඔන්න කථාවෙන් කථාවෙන් කදු මුදුනට ආව".
මතු සම්බන්ධයි......
අපි දෙදෙන කදු මුදුනට නැග ගතිමු.
"අයියෙ මට හරිම මහන්සියි අනේ."
"කෝ මෙතනින් ඉඳගන්න මම ඔයාට පවන් ගහන්න?"
"හා ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
මම ඉන්නම් ඉහ ඉද්දර පවන් සලසලා"......
ඉර අවරට යන අහස රත්ත වර්ණයෙන් බබලයි.
පක්ෂීන් උඩු ගුවනේ පියාසර කරති.
මා උකුල මත ඈ සුවෙන් සැතපී සිටින්නීය .
මමඇගේ රක්ත වර්ණ දෙකම්මුල් පහත් වී ආදරයෙන් සිප ගතිමි.ඈ දෑත් දිගුකර මගේ හිස වැරෙන් බදා මුව මත තද කර ගනී.
"මට බයයී සුදූ ඔයා කැම්පස් ගියාම වෙනස් වෙයි කියල "
"ඔය ආයෙ අහනවා මං දැන් සැරයක් කිව්වනෙ එකම කැම්පස් එකේ කියලා"
"ඒ වුනාට ඔයා ඉංජිනියර් පැකල්ටියේ මං මෙඩිසින් පැකල්ටියෙ"
" සුදූ මේං ඔයාගෙ නළලේ තියලා දිවුරලා කියන්නම් මතු භවයේ රහත් වන තුරා ඔයා හැර වෙන කෙනෙක් පතන්නෙ නෑ අනික මගෙ ඩෝලෙ නිතරම බලන්න එනවනෙ"
"මං ඒක දන්නව "
"එහෙනම් නිතරම කියන්නෙ"
"ආ ද රේ ට නෙ අනේ"
" පිස්සු කෙල්ල ඇගේ නහය මම මිරිකුවෙමි.
"ගෙදර යමු නේද සුදූ රෑ වුනා තාත්තා හොඳයි කොහෙ ගිහින්ද කියලා."
"යමු එහෙනම් මමඇගේ අතින් අල්ලගෙන පහලට බහින්නට වුනෙමු. "
"උදේ 10.00 වෙනකොට ගල්ගමුව ස්ටේෂන් එක ලගට එන්න"
අපි දෙදෙන අදුර දශතින් ගලාගෙන එන විට එකිනෙකාගෙන් සමු ගතිමු
"බුදු සරණයි "!
"බුදු සරණයි සුදූ පරිස්සමට ගිහිල්ල එන්න.!