03.පරිච්ඡේදය.
සිරිමාන්න කුඩා කල සිටම දගකාර කමට හැදුනු වැඩුන නිසාම සෙල්ලක්කාරකමට තම මතයට කටයුතු කරන්නට විය. තම මවගේ අදහස් වලට පවා ගරු නොකරන මට්ටම දක්වා මොහු කටයුතු කරන්න විය. නිහඬව මෙදෙස බලා සිටි උපුලී මොහුව ප්‍රතික්ෂේප කරන තත්ත්වය දක්වා රැගෙන ගිය අතර එයින් ඔහුගේ සිත එන්න එන්නම දරුණු තත්ත්වයට වර්ධනය විය.
මෙහි අවසන ප්‍රතිඵලය වූයේ මදාවියකු වූ සිරිමාන්න පොලිස් දෙපාර්තමේන්තුවට බැදී සිය ගම්මුන්ගෙන් සහ එකම මව අතහැර අනුරාධපුරය බලා පිටත්ව යෑමයි.
***************************************************
උ... more 03.පරිච්ඡේදය.
සිරිමාන්න කුඩා කල සිටම දගකාර කමට හැදුනු වැඩුන නිසාම සෙල්ලක්කාරකමට තම මතයට කටයුතු කරන්නට විය. තම මවගේ අදහස් වලට පවා ගරු නොකරන මට්ටම දක්වා මොහු කටයුතු කරන්න විය. නිහඬව මෙදෙස බලා සිටි උපුලී මොහුව ප්‍රතික්ෂේප කරන තත්ත්වය දක්වා රැගෙන ගිය අතර එයින් ඔහුගේ සිත එන්න එන්නම දරුණු තත්ත්වයට වර්ධනය විය.
මෙහි අවසන ප්‍රතිඵලය වූයේ මදාවියකු වූ සිරිමාන්න පොලිස් දෙපාර්තමේන්තුවට බැදී සිය ගම්මුන්ගෙන් සහ එකම මව අතහැර අනුරාධපුරය බලා පිටත්ව යෑමයි.
***************************************************
උපුලී සහ සිරිල් සිය දෙමාපියන් සමග දුම්රියෙන් පොල්ගහවෙලට පැමිණ පේරාදෙණිය බලා පිටත්වන්නට විය. මුදලිතුමා සිය නැගණිය සමග දියණිය කැටුව පැමිණි අතර සිරිල් සිය දෙමාපියන් කැටුව සවස් යාමය වන විට විශ්ව විද්‍යාල භූමිය කරා පිය නගන්නට විය.
"දුවේ එහෙනම් ඉගෙනුම් කටයුතු කරගෙන හොදින් ඉන්න මොනව හරි වුවමනාවක් වුනොත් මට දන්වල එවන්න. "
"අනේ අප්පච්චී පරිස්සමට යන්න අනේ නැදන්දෙ අප්පච්චීව පරිස්සමට බලාගන්න. "
"අයියෙ අපි ටිකක් මුදියන්සෙවත් හොයා ගෙන යමු නේද?
"ඔව් නංගී ඒක එහෙම හොදයි රෑ වෙන්න ඉස්සර ගමට යා. ගත්තොත් හොදයිනෙ?
සිරිල් සහ උපුලි කිසිදිනක මෙහෙම හුදකලාව සිටි කාලයක් ඔවුන්ට මතක නැත.
සිරිල් ද සිය දෙමාපියන්ගේ දෙපා නැමද සමුගත්තේය.
දෙමාපියන් පිටව ගිය පසු සිරිල් උපුලිව සිය නේවාසිකාගාරය වෙත පිටත්ව යවා තමාද සිය නවාතැන බලා පියවර නගන්නට වීය.දශ දෙසින් සැදෑ අදුරත් සමග හන්තාන කදු ශිඛර මතින් සීතල සුළඟ හමන්නට විය.තවත් දවසක සේවය නිමාකරමින් හිරු අවරගිර අහසේ බැස සැඟව ගියහ.
මතු සම්බන්ධයි...
04.පරිච්ඡේදය.
වසන්ත සෘතුව සමග හන්තානයට පායන සද හරිම අලංකාරයි. පෙර දිගින් පායන සද පෙම්වතුන්ට රසකැන් අමා මිහිර කලතා සව්දිය පානය සලසා දෙනු ලබයි.සවස දෙමාපියන් ගිය පසු මොවුන් දෙදෙන මහවැලි නදී තීරය අසබඩට පිළිපන් අතර රාත්‍රිය වන තුරුම පෙම්සුව විදිමින් එකිනෙකාට තුරුළුව කාලය ගතකරන්නට විය.
"ඒයි සුද්දා අපි දෙන්න කොහොමද රැග් එකෙන් හෙට ඉඳල බේරෙන්න මොකද කරන්නෙ කියල.
"සුදූ ඔයා ලෙක්චර් ගිහින් ආපු ගමන්ම බෝඩිම ට
වෙලා ඉන්න මගෙ ලෙක්චර් ඉවරවුන ගමන්ම මම එන්නම් ඇවිදින්න එක්ක යන්න."
"දැන් සුද්ද අපි යමු නේද?හොදටම..රෑ වෙලා උදේම ක්ලාස්වලට යන්නත්එපායැ මුල්ම දවසනෙ. හ්ම් නැගිටින්න නැගිටින්න"
"ම්හ් තව ටිකක් මේ පපුවට මූණ ඔබාගෙන ඉන්න ඕනැ.
"අර බලන්න සුදු වැලිතලාවට සද වැටිල තියෙන අපූරුව "
"හරිම අපූරුයි"තමා
අපි දෙදෙන නිදි දෙව්දුව වැලද ගැනීමට කාමර වෙත පියවර තැබුවෙමු.
"සුදූ පරිස්සමට ඉන්න ".
Good Baiy
*************************************************
මේ අතර සිරිමාන්න තම නේවාසිකාගාරයට වී මහත් වෙහෙසක් දරමින් උපුලිව හොදින් හෝ නරකින් ලබාගැනීමට ලොකු මෙහෙයුමක් රහසේම ක්‍රියාත්මක කරමින් සිටියි.
හුදකලාවී කාමරයට වී මධුවිතට ලොල්ව සුරාව සමග නුරා දෑසින් බමර මතින් ජීවිකාව ගතකරන්නට විය. එපමණක්ද නොව ගණිකා ඇසුර ට ඔහු
ගොදුරුව ඇත
"ඈ මචං හවසට ශීලට එන්න කියල පණිවිඩය ක් යවපන්".
"මචං සුමනෙ උබ දැන ගනින් ම ම හොදින් හෝ
නරකින් මුදලියගෙ දුව මරල හරි ගන්නව ගන්නවමයි"
"අනේ සිරිමාන්න අයියේ ඔන්න ඔය මගුල අතෑරලා දාපන් බං"
"එහෙම කොහොමද බං බල්ලො මම අතාරින්න
මේ සිරිමාන්න විජේසූරියට ඉහලින් යන්න පුළුවන් එකෙක් ඔය සියඹලන්ගමුව ගමේ ඉන්නවද? ඈ බල්ලෝ"?අනික පරම්පරාවට එන බූදල් ඉඩම්වල අයිතිය බල්ලෝ තෝ දැන ගන් අපේ මාම කාරය ඇරෙන්න වෙන එකෙකුට වත් දෙන්න මේ සිරිමාන්න ඉන්නකම් දෙන්නෑ තෝ දැනගන් ඔය මාමණ්ඩියගෙ කුමාරිහාමි මට ඇරෙන්න වෙන බල්ලෙකුටවත් ගන්න මේ සිරිමාන්න ඉඩ තියන්නේ නෑ බොල "?
"අනේ ඔය මදෑ සිරිමාන්න අයියේ?
"හරි හරි තෝ පල සුමනයො තෝ හොද එකා අපි බලමුකො සිරිලයටද මටද උපුලිය අයිති කියලා?
මතු සම්බන්ධයි.
04.පරිච්ඡේදය
අරුණළු උදාවත් සමඟම හන්තානයට සූර්ය කිරණ වැටී රිදී පැහැයෙන් දිස්වන්නට විය.උද්‍යානය කහපාට මලින් අලංකාර වන්නට විය.කහ රෙද්දක් එළුවාක් මෙන් විසිතුරු මලින් මුලු පරිසරයම බලන්නට විය.
දශ දෙසින් පැමිණි යුවැති යුවැතියන්ගෙන් විද්‍යාල භූමිය වැසී පැතිරෙන්නට විය. නිවාඩු ගොස් සිටි පිරිස් නව අධ්‍යන වාරය ආරම්භයත් සමගම පිරී ඉතිරෙන්නට විය. මෙහිදී. අක්කර පත්තුවෙන් පැමිණි පාතිමා උපුලි හා මිතුරු වුවාය. එක රැයකින් උපුලිගෙ සිත් ගැනීමට සමත්වීම සිරිල්ගේ වැඩ කටයුතු පහසු කරලන්නට හේතුවිය.
"හා හැම එකාම අත් උඩට උස්සපල්ලා එකා පිටුපස වරෙල්ලා ඉක්මනට වරෙල්ලා ආ උබ ඔහොම නැවතියන්"
"අය් අය් අයියෝ අල්ලා!"
"මොකද උබ මෙතැන වැලලෙන්න හදන්නෙ"
"අනේ අයියා පාතිමා රිලීස් කරන්න ඕන්නම් ඇපයක් හැටියට මාව තියාගන්න. "
"යකෝ මේකිනෙ වැඩේ කවද්ද බොල බැල්ලියෙ තෝ මගේ නංගි වුනේ ඒයි බලපන්කො අජියො කවද ඉදලද සහනාධාර දෙන්න පටන් ගත්තෙ.
"මෙහාට වර රතු බඩුව දනගහපිය තෝ දන්නවාද මම කව්ද කියල මේ අනික් උන්ටත් එක්ක මේ කියන්නෙ ජේෂ්ඨ උත්තමය කියපල්ල."
"මචං අන්න මාෂල් එනවා දුවපල්ල. "
මෙසේ කැම්පස් ජීවිතයට අපි කෙමෙන් හුරුවන්නට විය.දේශනවලට අමතරව පරීක්ෂණ කටයුතුවලට ද සහභාගිවීමට සිදුවිය. මේ හැම විටම පාතිමා මගේ සහෝදරියක් මෙන් මා රැක ගත්තාය.
"ඒයි අරබලන්න උත්පලා.අර සුදු බෝයි අපි පස්සෙම එනවා ඉන්නකො මොකද කියල මම අහන්න. "
"පාතිමා නංගිට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න"?
"අපෝ බැරි මොකද?
"ඔයාගෙ යාලුවගෙ පෝන් නම්බරය ඉල්ලලා දෙන්න බැරිද"?
"වැඩක් වෙන්නෑ මල්ලී එයාට කොල්ලෙක් ඉන්න වා".
"ඒකට අපිටත් ගජන් ගහන්න බැරියෑ"
"මේ හලෝ ඕවට එන්න එපා හරිද එහෙම බඩු ඉන්න ව බඩු පොට් එකකට පලයන් අපි ඕවට නෑ"
"ඈ පාතිමා අක්කෙ ඔයා කොහොමද පාතාල භාෂාව ඉගෙන ගත්තෙ"?
"අපෝ අපි එල් එල් ටී මායිම් ගම්මාන එක්ක හැදු
න අයනෙ අපි ඕවට හොදට තෙම්පරාදු වෙච්ච අයගෙ ඕනෑ දේකට ඔරොත්තුදෙනව".
"මේ ඒක නෙමේ ඔයාට ඔච්චර හොදට සිංහල කතාකරන්න පුරුදු වුනේ කොහොමද?
"අය් අයියෝ උපුලී අපි සිංහල මිශ්‍ර පාසලකට තමා ගිහින් ඉගෙන ගත්තෙ අනික අම්මා සිංහල "
"ලබන සතියෙ තියටර් එකේ නාට්‍යක් පෙන්වනව බලමුද "?
" සිරිල් අයියට කියන්න ඕනැ"
"පාතිමාට බෝයි පෙන් කෙනෙක් නැද්ද "?
"ඇයි නැත්තෙ එයා ඉංජිනේරු පීඨයේ නම අනිල් ක්රිෂ්ටෝප. "
"සිරිල් අයියගෙත් යාලුවෙක් ඇයි ඔයාට කියලා නැද්ද "?
"හෙට හමිබවෙද්දෙන්කො"
"ඕකට ඉතින් ඩෝං යන්න ඕනැද?
"ඔන්න සිරිල් අයිය එනවා දෙන්න විසදගන්න එකයි ඇත්තෙ"?
මතු සම්බන්ධයි....
05.පරිච්ඡේදය.
"මොකද අපායට ගහපු කැලැන්ඩරය වගේ උදේට දැක්කාම කැද හම්බවෙන්නෙ නෑ."
"කොහොමත් මම අපායට ගහපු කැලැන්ඩරයක් වගේ පේනව කියල මම දන්නව දැන් මට කරන්නෙ ම බොරු දැන් අලූත් නැවෙන් හොද එකක් සිලෙක් කරගෙන ඇතිනෙ".
"පිස්සුද අනේ මම තාත්තට අමාරුයි කියලා කුරුණෑගල ඉස්පිරිතාලේ නවත්තල .ගෙදර යනවා කියල ඔයාට කියන්න ආවෙ".අලි මදිවට අශ්පයොත් කියල ඔයා විකාර කරලා මගෙත් ඔලුව අවුල් කරනවා".
"අනේ මට සමාවන්න සුද්ද කරදරයක් කියල දන්නෙ නෑ ".
ඈ මා ගත දැවටෙමින් හඩමින් මැසිවිලි නගන්නට වූවාය.
"මේ මේ දැන් ඔයාව නලව නලව ඉන්න මට වෙලාවක් නෑ ඉක්මනට කුරුණෑගල ඉස්පිරිතාලේට යන්න ඕනැ ඒ හින්ද මම යනව ".
" අනේ සුදූ තරහ වෙලා තනියම යන්න එපා එහෙම නම් මාත් එනවා මට බෑ තනියම ඉන්න ".
"මේ අහන්නකෝ සුද්ද තාත්තට අලියා ගහලා අමාරුයි මම ඉස්පිරිතාලේට ගිහිල්ල ඔයාට කෝල් එකක් දෙන්නම්."
"එහෙනම් පරිස්සමට සුදූ ගිහිල්ල එන්න "
.කියා ඈ මා දෙපා නැමද බදා ගත්තාය.
"ඉතින් නැගිටින්න ".කියා මා දෙවුරෙන් ඔසවා ඇගේ නලල් තලය සිප ගතිමි.
"මා සුදූ ආශම ඔයාගේ කීකරු කමටයි විශ්වාසවන්ත භවයටයි ".
ඒ සමගම පරිසරයම අදුරුවී වැස්සක පෙර නිමිති ගෙන එන්නට විය.
"ඔන්න වහින්න එන්නෙ මේ කුඩය අරගෙන යන්න. මා ඇගෙන් සමුගෙන ත්‍රීවීලයකින් මහනුවර දුම්රිය නැවතුම කරා එළඹෙන්නට විය.
**************************************************
මුදියාන්සේ දිළින්දකු වුවද දුක් මහන්සියෙන් ජීවිකාව සරිකර ගන්නා දිරිය පියෙකි.සිය දරුවන් තිදෙනාට ඉගැන්වීම වෙනුවෙන් නොගන්නා උත්සාහයක් නොමැත. එදින ද කළුවර දශදෙසින් පැතිර එනවිට සුපුරුදු පරිදි නිවැසියන්ගෙන් සමුගෙන පාපැදියෙන් සියඹලන්ගමුව වැව ඉස්මත්තේ පිහිටි කිරිවදින කුඹුර ආරක්ෂා කර ගැනීම සදහා ගමන් ඇරඹීය. අදුර සමගම වැස්සක් ද ඇදහැලෙන්නට විය. වංගුව හැරෙනවා ත් සමග ම තනියා කුංචනාද දීගෙන මුදියන්සේ යන පාර හරස් කරන්නට විය. මුදියන්සේට කර කියා ගැනීමට කිසිවක් නොමැතිව උඩුගුවනට විසි වී බිම පතිත විය. අදුර පසාරු කරමින් ඉදිරියට ඇදෙන කැබ්රථයට මුවාවීමට හස්තියා කැලය දෙසට වේගයෙන් මාරුවිය. මහමග ගමන් ගත් රථය මුදියන්සේව ප්‍රතිකාර සදහා ගල්ගමුව රෝහල කරා රැගෙන යන්නට විය.ගල්ගමුව රෝහලෙන් කුරුණෑගල රෝහල කරා මාරුකර යැවීය. කුරුණෑගල රෝහලට ඇතුළත් කරන විටත් මුදියන්සේ තම අවසන් හුස්ම වාතලයට හෙලා අවසන් කර ඇත...
මතු සම්බන්ධයි.
06.පරිච්ඡේදය
සිරිල් කුරුණෑගල රෝහලට ලගාවන විට රාත්‍රිය උදාවෙමින් පැවතුනි.ලොකු මල්ලි සමග මාමා සමග ගම්මු කීප දෙනෙකු සමග මුදලිතුමාද වි
ය.ලෙඩා රැගෙන එනවිට ම මිය ගොස් තිබුණ නිසා මෝචරියට දමා එහි වැඩ කර ගැනීමට පහසු කරන්නක් විය. මේ සදහා මුදලිතුමාගෙ ඤාති හිතවතුන් පිරිසක් සිටීම මිනිය අවමංගල්‍ය කටයුතුවලට මල් ශාලාවට භාර දීමේ කටයුතුවලට පවා මුදලිතුමාගේ ඤාතීන් උදව් උපකාර කිරීම නිසා මිනිය කල්වේලා ඇතුව වැඩ අවසන් කරගන්නට හැකිවිය. පසුදා හිරු උදාවත් සමගම කුරුණෑගල ගිය පිරිස දේහය සමගම නිවසට ලගාවිය.
මරණාධාර සමිතියෙ පිරිස හට් එකක් මුදියන්සේගේ නිවස ඉදිරිපිට සවිකර ඊට අවශ්‍ය අංගෝපාංග ද ඇතුලත් කර මලගෙදරක සිරි විහිදා පාන්නට විය. මුලු පරිසරයම දෙවනත් කරමින් සිරිල් ගේ මව සමග නැගණිය මොරහඩ දෙමින් විලාප නගන්නට වූවාය. ඒ සමගම මුලු පරිසරයම අදුරු කරමින් කෙමෙන් එකිනෙක පොළවට පතිත වූ වැහිබිදු මහ වැස්සකට පරිවර්තනය විය. එය මුදියන්සේගෙ අකල් වියෝව ට පරිසරයෙන් දුක් ගී ගයන්නක් බදු විය. දශ දෙසින් ජනී ජනයා අවසන් ගරු බුහුමන් දැක්වීමට දශ දෙසින් ගලා එන්නට විය.
ඒ අතර උපුලී,පාතිමා,අනිල් ඇතුලුව විශ්ව විද්‍යාල සිසුන්ට අමතරව ආචාර්ය මණ්ඩලයෙ කීපදෙනකු ද මලගෙදරට සහභාගි වූහ .
සියලුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් දෙදිනකට පසු මලහිරු බැස අවරට යන කල මුදියන්සේගේ සුසුම් රහිත දේහය අඩි හයක් පොලව යට භූමදානය කරන ලදි.
"සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනිවී..
සිතුවිලි රදවා රහසේ හැඩුවා සමුගන්නම් මා පියාණනී. ....
අනතුරුව නිවස කරා පැමිණි පිරිස සමග මුදලිතුමාද විය .
"සිරිල් අම්මට ටිකක් කථා කලා නම්"
"අපේ මුදලිතුමා "
"ආ මෙතන රුපියල් ලක්ෂ 05ක් ඇති.ඔය දානෙ වැඩ වලටයි ලමයිගේ අධ්‍යාපන වැඩ වලටයි තියාගන්න. "
"අනේ ඔබතුමා දෙවි කෙනෙක්".
"හා හා මට වදින්න ඕනැ නෑ මම දන්නවනේ මුදියන්සේ ඉන්න කොට අපිට කොච්චර උදව් උපකාර කලාද කියල ඒවට අපි උපකාර කරන්න එපායැ"මම ගිහිල්ල එන්නම් සිරිල්ලගේ අම්මේ".
"හොද මයි අපෙ මුදලිතුමා"
"උපුලි දූ තාත්ත එක්ක යනවද නැත්නම් මං ගිහිල්ල ඩ්‍රයිවර් එවන්නද"?
"තාත්තා යන්න මේ යාලුවොත් එක්ක මං පස්සෙ
එන්නම්."
"සිරිල් දැන් පිංකමට පස්සෙ කැම්පස් එනවා නේද "?
"මගෙ කල්පනාව ගෙදර නැවතිලා නංගිටයි මල්ලිටයි උගන්වන්න. "
"මේ පිස්සු නැතුව කැම්පස් එන්න ඕනෑම දේකට මං ඔයාට ඉන්නව මං උදව් කරන්නම්."
"වාහනය ආව පරිස්සමට ගිහිල්ල එන්න දානෙට එනවානෙ"?
"එනවා එහෙනම් ගිහිල්ල එන්නම් බුදුසරණයි!"
"බුදු සරණයි ගිහිල්ල එන්න ".
මතු සම්බන්ධයි...
.