ලංකා කැහිබෙල්ලා (Urocissa ornata) | A3BOOk

ලංකා කැහිබෙල්ලා (Urocissa ornata)

ලංකා කැහිබෙල්ලා සිංහරාජය ඇතුලු සදාහරිත වැසි වනාන්තර තුල වාසය කරයි. කපුටු පවුලට අයත් පක්ෂියෙකි. මොවුන් ජීවත් වන සදාහරිත වැසි වනාන්තර විනාශ වී යාමත් සමඟ වඳ වී ගෙන යාමේ තර්ජනයට වර්තමානයේදී ලක් වී තිබේ. සාමාන්‍යයයෙන් හය, හත් දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් ලෙස සැරිසරන කැහිබෙල්ලන් අධික මාංශ භක්ෂක ලෙස කුඩා ගෙම්බන්, කටුස්සන්, කෘමීන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් ආහාරයට ගන්නා අතර පළතුරුද ආහාරයට ගනී. යුරෝපීය කැහිබෙල්ලාට ප්‍රමාණයෙන් සමාන 42-47 cm පමණ වන ශ්‍රී ලංකා කැහිබෙල්ලා ගසක හෝ පඳුරක සාදන ලද කෝප්පයක හැඩැති පුංචි කූඩුවක දුඹුරු පැහැ ලප සහිත සුදු පැහැ බිත්තර 3-5 අතර ප්‍රමාණයක් දමයි.

වර්තමානය වනවිට කැහිබෙල්ලන්ගේ වදවීමේ ප්‍රවණතාව වැඩිවී තිබේ. තේ වගාව ව්‍යාප්ත කිරීම සඳහා වැසි වනාන්තර විනාශ කිරීම, අනවසරයෙන් වැසි වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීම, සිංහරාජය හා අවට වනාන්තර තුල සිදුවන දැව ජාවාරම, පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර සඳහා ප්‍රේරක කලාප විනාශ කිරීම නිසා ලංකා කැහිබෙල්ලා ඇතුලු ආවේණික ශාඛ හා සත්වයින් රැසක් දැඩි තර්ජනයට ලක්වී ඇත.

විනාශ වී යමින් පවතින අපගේ වනාන්තර, ගංගා, දොළ හා දිය ඇලි රැක ගැනීමට එකතුවන්න.
Posted in Educational on July 05 2022 at 08:11 AM
Comments (9)
No login
gif
Login or register to post your comment
lassanaii