මොනාලිසා | A3BOOk

මොනාලිසා

මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩා වින්සි විසින් අඳින ලද සිතුවමක් වන අතර ‍එය පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්‍රයේ අයිතිය ප්‍රංශ රජය සතු වන අතර දැනට මෙය ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්‍රය වන ලීසා ජෙරඩීනි නම් චිත්‍රය සමඟ ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

මෙම උඩුකය ආලේඛ්‍ය චිත්‍රයක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකි. චිත්‍රයේ දැක්වෙන කාන්තාවගේ මුහුණේ පවතින හැඟීමෙහි ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය‍කොට ඇති ආකාරයත් සියුම් ලෙස චිත්‍රය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කොට ඇති ආකාරයත් මෙම චිත්‍රය මෙතරම් සුප්‍රසිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇත. මෙතරම් සියුම්ව අධ්‍යයනයට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරාණෝක්ති නිර්මාණයට හේතු වූ සහ එමෙන්ම හාස්‍යානුකරණයට ලක් වූ කලා කෘති ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි.

ක්‍රිස්තු වර්ශ 1500 දී ෆ්ලොරන්ස් නුවරට පැමිනි ඩා වින්සි මොනාලිසා නම් තම ජීවිතයේ කල අසහාය කලා නිර්මානය වු මෙම මොනාලිසා ච්ත්‍රය බිහි කලේය.මිනිස් ඇසට ඉනාවක් බදු මෙම මහා කලා නිර්මානය නිම කිටරීම සදහා ඩා වින්සීට වසර 4ක් ගත වූ බව කියවේ.මොනාලිසා යනු ෆ්ලොරන්හී විසූ ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩො නම් වෙලෙද වියාපාරිකයාගේ තෙවන බිරිදගේ උඩුකය රුවයි.ලාජියො කොන්ඩා යනුවෙන් හදුන්වන මෙය මොනාලිසා යනුවෙන් ප්‍රසිද්දය.ඇගේ ගුප්ත මද සිනහව හා පසුබිමේ මායා හුරු බව චිත්‍රයට අලන්කාරයක් එක් කරයි.තාත්වික ලක්ශන මතු වී පෙනෙන අයුරින් සිතුවම ගොඩ නැගීමට ශිල්පියා සමත් වී ඇත.සිතුවම තුලින් කාවයයමය බවක් පෙන්වයි.ඩා වින්සිගේ ප්‍රතිබාවේ හා තෙලිතුඩේ මහිමය පෙන්වන මෙම සිතුවම දැනට ප්‍රංශ රජය සතු වන අතර දැනට ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

Posted in Educational on May 21 2022 at 11:18 AM
Comments (1)
No login
gif
Login or register to post your comment

Most Viewed Listings

Polgahawela
Rs14500
පිරිත් කුටි / prith mandira   GB කාඩ් පත මගින් සියලු පිරිත් වාදනය පෙන් මගින් mp3 වාදනය FM ත... View More >>
Views: 1041
a3book Sponsored
Kurunegala
Rs200
fg
Views: 832
More Listings >>