චීන මහා ප්‍රාකාරය | A3BOOk

චීන මහා ප්‍රාකාරය

මිනිසාගේ සුවිසල්ම කාර්ය වන ,සඳෙහි සිට මිනිස් ඇසින් දැකිය හැකි එකම ඉදිකිරීම චීනයේ පිහිටා ඇති  චීන මහා ප්‍රාකාරයයි.මේ සඳහා යෙදෙන චීන නම් මගින් දිගු ප්‍රාකාරය හෝ ලී දස දහසේ (10,000) ප්‍රාකාරය යන අරුත් ගෙන දේ.එමෙන් ම චීන මහා ප්‍රාකාරය 1987 දී  යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කෙරුණේ ද මෙහි ඉදිකිරීම්වල දක්නට ඇති ලෝ මවිත කළ සුවිශේෂීතාවය හේතුවෙනි.මෙය ලෝකයේ විශාලම හමුදා රැකවල ලෙස දැක්විය හැක.
 
චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. 
මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි.
 

450_e729e5f1c520228ec806b1c615f572b1.jpg


චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී  6400 (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි. කෙසේ නමුත් ප්‍රාකාරයේ සමස්ත දිග ප්‍රමාණය කි.මී. 6700 (සැතපුම් 4160 ) කට අධික වේ.
 
මේ අනුව ලෝක පුදුම අතරින් එකක් වන චීන මහා ප්‍රාකාරය අතීතයේ පැවති දියුණු තාක්ෂණය හා ඉදි කිරීම් කර්මාන්තයේ වටිනා රහස් බොහොමයක් හෙළි කරයි. මෙය ලෝකයේ විශාලම හමුදා රැකවල ලෙස දැක්විය හැක.
Posted in Educational on May 30 2022 at 04:16 PM
Comments (2)
No login
gif
Login or register to post your comment

Most Viewed Listings

Polgahawela
Rs14500
පිරිත් කුටි / prith mandira   GB කාඩ් පත මගින් සියලු පිරිත් වාදනය පෙන් මගින් mp3 වාදනය FM ත... View More >>
Views: 1042
a3book Sponsored
Kurunegala
Rs200
fg
Views: 833
More Listings >>